පිපාසයෙන් වතුර සොයා ඇදෙන අලි රංචු...
August 12, 2026 01:42 pm
උතුරු මැද පළාතට බලපා ඇති පවතින යළි කාලගුණික තත්ත්වයත් සමඟ කලා වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබේ.
මේ හේතුවෙන් කලා වැව් පිටිය තුළ එකවර වනඅලින් 100ත් 150ත් අතර සංඛ්‍යාවක් නැරඹීමේ අවස්ථාව සංචාරකයින්ට මේ වනවිට උදාවී ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
දින කිහිපයක සිට කලා වැව ජාතික වනෝද්‍යානය වෙත පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ට ද වනඅලි රංචු කිහිපයක්ම ඉතා ආසන්නයෙන් දැකබලා ගැනීමට හැකිවී තිබේ.
