දඹුල්ලේ දී සිදු වූ මාරක අනතුරින් තරුණයෙකුට දිවි අහිමි වෙයි
August 11, 2026 06:04 am
දඹුල්ල, වැලිහේන බුලාගල අතුරු මාර්ගයේ වැලිහේන ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බුලාගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මියගොස් තිබේ.
දඹුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර ගාල්ල උඩුගම මාර්ගයේ ගල්ගොඩදෙණිය හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පලක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී පැදිකරු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක් වූ උඩුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අක්මීමණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
