පොහොට්ටුවේ මහ ලේකම් සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එයි

පොහොට්ටුවේ මහ ලේකම් සාගර මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට එයි

August 10, 2026   10:42 am

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් වූ පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඒ මහතාව මෙලෙස මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත කැඳවා තිබුණි. 

පසුගියදා පොලිස්පතිවරයා සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශයක් පිළිබඳව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.