බන්ධනාගාරවල ගැටුම් ගැන සාකච්ඡාවට අදාළ ආයතන ප්‍රධානීන්ට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
August 9, 2026 12:23 pm
බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වු නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊට අදාළ සියලු ආයතන ප්‍රධානීන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවීමට නියමිතව තිබේ.
මෙවැනි සිද්ධීන් යළි ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පවත්වන බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා සඳහන් කළේය.
ඒ අනුව, අදාළ සාකච්ඡාව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානීන්, පොලිස්පතිවරයා සහ අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් ලබන 18 වැනිදා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
