හැටන් - ශ්‍රී පාද මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි
August 6, 2026 10:53 am
ශ්‍රී පාදස්ථාන මළුව අවට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ශ්‍රී පාද කඳුමුදුනේ ගල් පර්වතයේ වැවී තිබූ ශාක කොටස් කිහිපයක් පස් සමග ශ්‍රී පාද මාර්ගයට කඩා වැටී තිබේ.
මේ හේතුවෙන් අදාළ මාර්ගය අවහිර වී ඇතැයි නල්ලතන්නිය පොලීසිය පැවසීය.
නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ මීට ප්‍රථම ශාක සහිත පස් කඳු කඩා වැටුණු ඇහැල කණුව ආසන්නයේම මෙවරත් එම පස් කන්ද ශ්‍රී පාද මළුවට පිවිසෙන පියගැටපෙළ මත වැටී ඇති බව නල්ලතන්නිය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.නිරෝෂන් මහතා සඳහන් කළේය.
මේ දිනවල ශ්‍රී පාද අවාරයේ ශ්‍රී පාද මළුව දක්වා ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිකටු පහණ හරහා රත්නපුර මාර්ගයට පිවිස ශ්‍රී පාද උඩමළුව දක්වා යැමට හැකි බවත්, පවතින අයහපත් කාලගුණ තත්ත්වය පහව ගිය පසු එම මාර්ගයට කඩා වැටුණු ශාක සහ පස් කන්ද ඉවත් කිරීමට කටයුතු කරන බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
