මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට පැය 5ක ජල කප්පාදුවක්
August 5, 2026 06:39 pm
පූජාපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් ජලය ලබාදෙන ප්‍රදේශ රැසකට හෙට (06) පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැය 05 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටියි.
සිදුකරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව දැනුම් දී තිබේ.
ඒ අනුව, ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහත පරිදි වේ.
මැදවල (පැරණි) සේවා ජලාශය
කැවුම්කොහේ පාර, ගෝණිගොඩ, ජයන්ති පාර, ගුරුකැවේ, පල්කුඹුර, ඉඩමේගම, අරඹේගම, ගොරොක්ගස් අංග පාර, එළමල්පත, කොටුතැන්න, පෙතියාගොඩවත්ත, කළුවාන, බෝතොට, හරංකහතැන්න, දොඩම්තැන්න, කුඹුරේගෙදර, දෙඹරලොව, තිබ්බුට්ට සහ තලපැලැල්ලේගොඩ පාර.
මැදවල (නව) සේවා ජලාශය
බටුගොඩ, ඇහැළගස්හින්න, දිද්දෙණිය, ඕවිස්ස, වටගොඩ, දොඹගම්මන, හෑදෙණිය, සූරියකුඹුර, අඹරුප්ප, හරංකහව, බොක්කාවල, වලතැන්න සහ පතිරාද.
ගල්ලෙනවත්ත සේවා ජලාශය
ගල්ලෙනවත්ත සහ ඛාන්අංග.
ගලගෙදර සේවා ජලාශය
ගලගෙදර, වැමඩ, බෝයගොඩ ආශ්රිත ප්‍රදේශ, රඹුක්කන පාර, පොහොලියද්ද පාර සහ කුරුණෑගල පාර.
මාවතගම සේවා ජලාශය
මාවතගම, බරන්දන පාර, රඹුක්කන පාර, පරගහදෙණිය, යටිවිල්ල, මිල්ලව සහ පිලැස්ස.
ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳ ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කරන අතර, එම කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
වැඩි විස්තර සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකිය.
