වරෙන්තු නිකුත් කර සිටි අර්ච්චුනා අධිකරණයට

වරෙන්තු නිකුත් කර සිටි අර්ච්චුනා අධිකරණයට

July 27, 2026   04:01 pm

වරෙන්තු නිකුත් කර සිටි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (27)  මෝසමක් ඉදිරිපත් කරමින් නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට හමුවට ඉදිරිපත් වී තිබුණි. 

ඒ අනුව ඔක්තෝබර් 09 වනදාට අදාළ නඩුව යළි කැඳවීමට නියමිත අතර, අද දින අර්ච්චුනාට ඇප හිමිවුණි.

පසුගිය 24 වනදා මන්ත්‍රීවරයාට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේ, ඔහුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව පෙනී නොසිටීම හේතුවෙනි.

නඩුවට අදාළව මන්ත්‍රීවරයා පෙනී නොසිටි නමුත් නඩුව විභාගයට ගන්නා අවස්ථාවේදී ඔහුගේ ඇපකරුවන් හෝ අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට වරෙන්තුවක් නිකුත් කර තිබුණි.

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා  මහතාට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.