රට කීරි සම්බා වැඩිමිලට වික්ක වෙළෙඳසැලකට රු ලක්ෂ 5ක දඩයක්
July 26, 2026 01:52 pm
රජය විසින් නියම කර තිබූ උපරිම සිල්ලර මිල ඉක්මවා ආනයනික කීරි පොන්නි සහල් අලෙවි කළ ගාල්ල, අක්මීමන ප්රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබේ.
ආනයනික කීරි පොන්නි සහල් කිලෝග්රෑමයක් සඳහා නියම කර තිබූ රුපියල් 255ක උපරිම සිල්ලර මිල ඉක්මවා රුපියල් 270කට අලෙවි කිරීම සම්බන්ධයෙන් අදාළ වෙළෙඳසැලට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්රික් විමර්ශන නිලධාරීන් විසින් ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
පසුගිය 17 වනදා සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී අලෙවිය අනාවරණය කරගෙන තිබේ.
නඩුව කැඳවූ අවස්ථාවේදී අදාළ සමාගම වරද පිළිගැනීමෙන් අනතුරුව, ජූලි 23 වනදා ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය විසින් එම සමාගමට රුපියල් 500,000ක දඩ මුදලක් නියම කර තිබේ.
