ගෝඨාගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකාබැලීම අගෝස්තු 03
July 23, 2026 04:19 pm
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම වැඩිදුර කරුණු සලකාබැලීම සඳහා අගෝස්තු 3 වැනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
අදාළ පෙත්සම අද (23) කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පිළිතුරු දේශන ඉදිරිපත් කළේය.
ඉන් අනතුරුව, වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම සඳහා පෙත්සම අගෝස්තු 3 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළේය.
