මිතුරන් සමඟ නාන්න ගිය 15 හැවිරිදි දරුවෙකු දියේ ගිලී අතුරුදන්
July 23, 2026 05:55 am
ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ මහවැලි ගඟේ දිය නෑමට ගිය පිරිමි දරුවෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බවට ගම්පොළ පොලිස් ස්ථානය වෙත ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (22) සවස අතුරුදන්ව ඇති මෙම දරුවා අවුරුදු 15ක් වූ වැලිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ දරුවා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ මහවැලි ගඟේ දෙණියේගල තොටුපොළේ දිය නාමින් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
