පොහොට්ටුවේ ගාල්ල දිස්ත්‍රික් ධීවර කැඳවුම්කරු ලෙස ධනේෂ් භානුක පත් කෙරේ
July 16, 2026 10:58 am
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ධීවර හා ජලජ සම්පත් සංවිධානයේ ගාල්ල දිස්ත්‍රික් ධීවර කැඳවුම්කරු ලෙස බලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධනේෂ් භානුක දයාරත්න මහතා පත් කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ, දිස්ත්‍රික් නායක හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් පී ද සිල්වා මහතාගේ නිර්දේශයෙන් මෙම පත්වීම ඊයේ (15) සිදුකර ඇත.
මෙම පත්වීම් ප්‍රදානෝත්සවය සඳහා පක්ෂයේ ප්‍රභූන් රැසක් එක්ව සිටි අතර, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉසුරු දොඩංගොඩ සහ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී මෙන්ම බලපිටිය සම සංවිධායක ආරියවංශ සම්මු යන මහත්වරුන් ද ඊට ඇතුළත් වූහ.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
