අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ පාම් බීච් ගුවන්තොටුපොළ ට්‍රම්ප්ගේ නමින් වෙනස් කෙරේ
July 10, 2026 05:11 pm
අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි 'පාම් බීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ' (Palm Beach International Airport) නිල වශයෙන් 'ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ' ලෙස ඊයේ (09) නම වෙනස් කර තිබේ.
මීට පෙරද අමෙරිකාවේ නාවික හමුදා නැව්, රජයේ වැඩසටහන් සහ ගොඩනැගිලි රැසකට ට්‍රම්ප්ගේ නම තබා ඇත.
මෙතෙක් කල් මෙම ගුවන් තොටුපළ හැඳින්වූ PBI යන කෙටි කේතය වෙනුවට, දැන් එය DJT (Donald J. Trump) ලෙස වෙනස් කර ඇත.
කෙසේ වෙතත්, ලබන අගෝස්තු 18 වනදා දක්වා ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමේදී පැරණි කේතයම (PBI) භාවිතා කළ යුතු වේ.
මෙම නම වෙනස් කිරීමේ කටයුතු සඳහා අමරිකානු ඩොලර් මිලියන 5.5ක් වැය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
