පාතහේවාහැට ප්රා.ස. සභාපති අල්ලස් කොමිසමට කොටුවෙයි
July 10, 2026 09:52 am
අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට වරදකරු වී, අධිකරණය මඟින් සිරදඬුවම් නියම කිරීමෙන් පසු සැඟව සිටි පාතහේවාහැට ප්රාදේශීය සභාවේ සභාපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ චෝදනාවට වරදකරු කෙරුණු ඔහුට අධිකරණය විසින් වසර 3ක සිර දඬුවමක් පනවා තිබුණි.
කෙසේ වෙතත් සිර දඬුවම් නියම කිරීමෙන් අනතුරුව ඔහු තමන් පදිංචිව සිටි මහනුවර, මාරස්සන ප්රදේශය අතහැර ගොස් සැඟව සිට ඇත.
ලැබුණු තොරතුරකට අනුව ක්රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (9) කිරිල්ලවල, ඉඹුල්ගොඩ ප්රදේශයේදී සභාපතිවරයාව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ ප්රශ්න කිරීම්වලදී සැකකාර සභාපතිවරයා පවසා ඇත්තේ, තමන් පොලීසියේ උපදෙස් මත මෙලෙස වරින් වර පදිංචි ස්ථාන මාරු කරමින් සැඟව සිටි බවය.
අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
