අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට 'සත්‍ය ගවේශකයෝ' ප්‍රතිචාර දක්වයි

අධිකරණයේ ස්වාධීනත්වය ගැන ජනපතිගේ ප්‍රකාශයට 'සත්‍ය ගවේශකයෝ' ප්‍රතිචාර දක්වයි

July 4, 2026   10:45 am

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය සඳහා විනිසුරුවන් පත්කිරීම විධායකය විසින් ප්‍රමාද කිරීමට අදාළව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ සිදුකළ ප්‍රකාෂය, රටේ පවතින නීතියේ ආධිපත්‍යට පටහැනි බව සත්‍ය ගවේශකයෝ සංවිධානය පෙන්වා දෙයි.

කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් එම සංවිධානයේ නිර්මාතෘ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොවත්ත මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අදාළ නිවේදනයෙන් ඔහු සඳහන් කර ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින්නේ විනිසුරුවරයෙකුට තීන්දුවක් ලිවීමේදී ඇති නිදහස මත පමණක් නොව, ඔවුන්ගේ වෘත්තීය ජීවිතය පාලනය කරන ආයතනික රාමුවේ පවතින විනිවිදභාවය සහ අඛණ්ඩතාවය මත බවය.

'උසස් අධිකරණවලට විනිසුරුවරුන් පත් කිරීමේදී සිදුවන ව්‍යවස්ථා විරෝධී ප්‍රමාදය සම්බන්ධවයි' යනුවෙන් නිකුත්කළ එම නිවේදනය,

Sathya Gaweshakayo - Press Release (04!07!2026) by poornima