පාකිස්තාන ආරක්ෂක ලේකම් දිවයිනට
July 2, 2026 12:08 pm
6 වන ශ්‍රී ලංකා පාකිස්තාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්,(විශ්‍රාමික) ලුතිනන් ජෙනරල් Muhammad Ali නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය.
ඊයේ (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ආරක්ෂක ලේකම්වරයා ඇතුළු දූත පිරිසට උණුසුම් පිළිගැනීමක් ලැබීය.
ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) හර්ෂ විතානාරච්චි මහතා සමඟ මෙරට ගුවන් හමුදාව සහ නාවික හමුදාව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම මෙරට පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් ය.
6 වන ශ්‍රී ලංකා - පාකිස්තාන ආරක්ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයර්වධනපුර කෝට්ටේ පිහිටි නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මෙම ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික සංවාදය මඟින් දෙරට අතර දැනට පවතින ආරක්ෂක සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු කිරීම් සහ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවතින දිගු කාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවස්ථා ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිතය.
මේ අතර මෙම නිල සංචාරය අතරතුරදී, ලුතිනන් ජෙනරල් (විශ්‍රාමික) Muhammad Ali,ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජෙනරල් අරුණජයසේකර සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා හමු වීමට ද නියමිතව තිබේ.


