නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු වැඩ අරඹයි
July 1, 2026 02:09 pm
මෙරට 27 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු මහතා සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ.
අකුරේගොඩ පිහිට නාවික හමුදා මූලස්ථානයේදී ඔහු සිය ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
නාවික හමුදාධිපති වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමිම, අද (01) නාවික හමුදා මූලස්ථානයේදි සිදු කෙරිණි.
