යටියන්තොට පොලීසියේ ට්‍රැෆික් OIC රිමාන්ඩ්
June 28, 2026 06:00 pm
රාජකාරි ගිනිඅවිය අස්ථානගතවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු යටියන්තොට පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එම නිලධාරීයා තම රාජකාරිය සඳහා භාර ගන්නා ලද පිස්තෝල ගිනි අවිය අස්ථානගත වීම සම්බන්ධයෙන් ඊයේ (27) දිනයේදි සීතාවකපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.
පසුගිය 26 වෙනිදා අදාළ ස්ථානාධිපතිවරයා රාජකාරි කටයුතු සඳහා පිටත්ව යාමේදී පිස්තොල වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 10ක් රැගෙන ගොස් ඇති අතර යළිත් එම උණ්ඩ භාර දී නොමැති බවද සඳහන් වේ.
අත්අංගුවට ගෙන තිබූ අතර අද දිනයේදී සැකකරු රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු එළැඹෙන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
එමෙන්ම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ සීතාවක ජෙෂ්‍ය්ඨ පොලිස් අධිකාරිවරයාගේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම් යොදවා පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.
