ගාල්ල ජාතික රෝහල් භූමියේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

ගාල්ල ජාතික රෝහල් භූමියේ පිහිටි ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක්

June 16, 2026   01:10 pm

ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකය පිහිටි භූමියේ පැවති ට්‍රාන්ස්ෆෝමරයක ගින්නක් හටගෙන තිබේ.

අද දෙරණ වාර්තාකරු සඳහන් කළේ රෝහල් බලධාරීන්, ගාල්ල මහනගර සභාවේ නාගරික ගිනිනිවීම් ඒකකය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ බවය.

ගින්න හේතුවෙන්  ගාල්ල ජාතික රෝහලේ පිළිකා ඒකකයේ විදුලියද විසන්ධි වී තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.