ත්‍රීරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

ත්‍රීරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරලෙයි

June 16, 2026   11:14 am

කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි රියදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 

ඊයේ (15) පස්වරු 4:00ට පමණ හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇත.

රියදුරුට නින්ද යෑම නිසා ත්‍රීරෝද රථය පාලනයෙන් මිදී ප්‍රපාතයට පෙරලීගොස් ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අනතුරින් ත්‍රීරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු ව ඇත.