කොදෙව්වන්ගේ ඇරයුමෙන් ශ්‍රී ලංකාව පිටියට
June 15, 2026 06:16 am
ජැමෙයිකාවේ කිංග්ස්ටන් නුවර සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තීරණාත්මක තෙවන සහ අවසන් විස්සයි20 තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
ඒ අනුව ඔවුන් මුලින්ම පන්දු යැවීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මුලින්ම පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය.
තරඟ තුනකින් සමන්විත මෙම පන්දුවාර 20 තරඟාවලිය මේ වන විට 1-1 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින්, තරඟාවලියේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා මෙම තරඟය දෙපිලටම ඉතාමත් තීරණාත්මක වේ.
පැතුම් නිශ්ශංක සහ කමිල් මිෂාර එක්ව ශ්‍රී ලංකා ඉනිමට වේගවත් සහ ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා දුන් අතර, පන්දුවාර 5ක් තුළ ලකුණු 50 සීමාව පසු කිරීමට ඔවුන් සමත් විය.
කෙසේ වෙතත්, ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ කොදෙව් පන්දු යවන්නන් ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 3ක් වේගයෙන් දවා ගනිමින් තරඟයේ පාලනය තමන් සතු කර ගැනීමට සමත් වී තිබේ.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 59ක් ලබා සිටියි.
