විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ - ඇමති හර්ෂණ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන තීන්දුවක් අරගෙන නෑ - ඇමති හර්ෂණ

June 11, 2026   10:57 am

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සඳහා නිල වශයෙන් කැබිනට් අනුමැතියක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ විනිසුරුවරුන්ට අමතරව වෙනත් වෘත්තිකයින් විසින් ද විශ්‍රාම වයස ඉහළ නැංවීම සඳහා ඉල්ලුම් කර ඇති බවය.

රජයක් ලෙස එම ඉල්ලීම් කෙරෙහි සාධනීයව සලකා බලන අතර එහිදී ඇතැම් ඉල්ලීම් සාධාරණ වූව ද ඇතැම් ඉල්ලීම් දේශපාලනික බව අමාත්‍යවරයා පවසයි.

කෙසේවෙතත් මේ කරණු සම්බන්ධයෙන් නිල වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.