පිලිපීනයේ ප්රබල භූ කම්පනයෙන් 15දෙනෙකු මරුට
June 8, 2026 11:58 am
පිලිපීනයේ මින්දනාවෝ දූපත ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්රබලත්වයෙන් යුතු භූකම්පනයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් තිබේ.
ඊට සමගාමීව පිලිපීනය, ජපානය සහ ඉන්දුනීසියාව ඇතුළු කලාපීය රටවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර, පසුව ඇතැම් රටවල එම අනතුරු ඇඟවීම් ඉවත් කෙරුණි.
පිලිපීනයේ දකුණු කලාපීය දූපතක් වන මින්දනාවෝ දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 7.8ක ප්බලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබේ.
මෙම භූකම්පනය සිදුව තිබුණේ දූපතේ ප්රධාන නගරය වන ජෙනරාල් සැන්ටෝස් නගරයට ඔබ්බෙන් වූ මුහුදේ යි.
අද උදෑසන බලපෑ භූකම්පනයෙන් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 129 දෙනෙක් තුවාල ලබා තිබුණි.
ඉන් අනතුරුව පිලිපීනය, ඉන්දුනීසියාව සහ ජපානය ඇතුළු කලාපීය රටවල් කිහිපයක් වෙත සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි.
පසුව පිලිපීනය , පලාවු සහ ඉන්දුනීසියාව වෙත සුළු සුනාමි තත්ත්වයක් බලපා තිබුණු නමුත් පසුව ඒවා ඉවත් කළ බව වාර්තා වෙයි.
