ඊශ්‍රායලයේ වෙඩි තැබීම් මාලාවක්
සයුරෙන් එතෙර

ඊශ්‍රායලයේ වෙඩි තැබීම් මාලාවක්

June 7, 2026   05:34 pm

ඊශ්‍රායලයේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

35 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ වන බවද සඳහන්.

එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ මෙම ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවෙකු ද පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බවය. 

මේ අතර ඊශ්‍රායලයේ ‘ට්සුර් නාදන්’ (Tzur Natan) සහ ‘ට්සුර් යිට්ෂාක්’ (Tzur Yitzhak) යන නගරවලද වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ එම ප්‍රහාරවලට සම්බන්ධ එක් සැකකරුවෙකු මියගොස් ඇති අතර අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවය.