අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදුන් තරුණයා
June 3, 2026 05:31 am
කනගරායන්කුලම් පොලිස් වසමේ කුරුසුට්ටුකුලම් ප්රදේශයේදී තරුණයෙකු ට්රැක්ටර් රථයකට යටවී පුලියන්කුලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට කනගරායන්කුලම් පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (02) සවස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 20 හැවිරිදි කුරුසුට්ටුකුලම් ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මියගිය තරුණයා විසින් කුරුසුට්ටුකුලම් කෝවිල පිහිටි ඉඩම පිරිසිදු කිරීම සඳහා ට්රැක්ටර් රථය පණගැන්වීමේදී එහි කාර්මික දෝෂයක් හටගෙන ඇති අතර, ඔහු විසින් ට්රැක්ටර් රථය අලුත්වැඩියා කරමින් සිටියදී එක්වරම ඉදිරියට ධාවනය වී තරුණයා එම රථයේ රෝදයකට යටවී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
කනගරායන්කුලම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
