ඥානසාර හිමියන්ගේ නඩුවක් කැඳවයි

ඥානසාර හිමියන්ගේ නඩුවක් කැඳවයි

June 1, 2026   01:25 pm

ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර  හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා එය ජුනි මස 26 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරය ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල මහතා අනතුරුව එම නඩුව විභාගයට දින නියම කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙස නියම කළේය.