සයුරෙන් එතෙර
ඇෆ්ගන් සරණාගතයින් අර්බුදයක
May 30, 2026 02:09 pm
ඇෆ්ගනිස්තානය ලොව දරුණුතම මානුෂීය අර්බුදයකට මුහුණදී සිටින රටක් වන අතර, එරට ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන්නේ ලැබෙන ආධාර මත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එවන් පසුබිමක 2025 වසරේදී ඉරානයෙන් සහ පාකිස්තානයෙන් ඇෆ්ගන් සරණාගතයින් සමූහ වශයෙන් පිටුවහල් කිරීම හේතුවෙන් බරපතළ මානුෂීය අයිතිවාසිකම් අර්බුදයක් නිර්මාණය වී ඇති බවද පැවසෙයි.
මෙය තලේබාන් පාලනය යටතේ නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව පිළිබඳවද දැඩි කනස්සල්ලක් ඇති කිරීමට හේතුවී ඇති බවද එම වාර්තා පවසයි.
එසේම මිලියන සංඛ්‍යාත ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳින බවද පැවසෙයි.
2021 වසරේදී තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු ඇතිවූ මෙම තත්ත්වයන් හේතුවෙන් බොහෝ පිරිසකට තම රට හැර යාමට සිදුවිය.
2023 වසරේ සිට මේ දක්වා මිලියන පහකට අධික ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් ඉරානයෙන් සහ පකිස්තානයෙන් නැවත ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කර ඇත.
2025 වසරේදී පමණක් මෙලෙස නැවත පැමිණි පිරිස මිලියන 2.6 කි.
