සයුරෙන් එතෙර
නේපාලයේ පාසල් ඉදිකරන්න ඉන්දියාවෙන් මුදල්
May 29, 2026 05:34 pm
නේපාලයේ දිස්ත්‍රික්ක 8ක පාසල් 14ක් ඉදිකිරීම සඳහා නේපාල රුපියල් මිලියන 560.2ක මුදලක් ලබාදීමට ඉන්දියාව පොරොන්දුවී තිබේ.
භූ කම්පනවලින් හානියට පත්වූ ප්‍රදේශවල පාසල් ඉදිකිරීම සඳහා මෙම මුදල් ලබාදෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කත්මණ්ඩු නුවර පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ, ඉන්දීය රජයෙන් ලැබෙන නේපාල රුපියල් මිලියන 560.2ක ආධාර මුදල යටතේ නේපාලයේ දිස්ත්‍රික්ක 8ක මෙම පාසල් 14 ඉදිකිරීම සඳහා නේපාල අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති 'මධ්‍යම මට්ටමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ඒකකය ගිවිසුම් අත්සන් කර ඇති බවය.
නේපාලය තම ඉතිහාසයේ දරුණුතම භූ කම්පනයට මුහුණ දුන්නේ 2015 වසරේදී වන අතර, එයින් පුද්ගලයන් 9,000කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් විය.
මෙම පාසල් ඉදිකරනු ලබන්නේ භූ කම්පනවලට ඔරොත්තු දෙන ප්‍රතිසංස්කරණ සඳහා වන නේපාල රජයේ ප්‍රමිතීන්ට අනුකූලවය.
