නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලින කෙරේ
May 28, 2026 05:33 pm
දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට අදාළව අදියර එක සහ දෙක යටතේ නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් යාවත්කාලින කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, එය අද (28) පස්වරු 4.00 සිට හෙට පස්වරු 04.00 දක්වා බලාත්මක බවයි.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර දෙක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
අදියර එක යටතේ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්වලටය.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට, යටියන්තොට සහ දැරණියගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට එම අනතුරු ඇඟවීම් බලාත්මක වේ.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, පැල්මඩුල්ල, කලවාන, කිරිඇල්ල සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් අදියර එක යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කරන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කළේය.
