සුරකිමු ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අනුමැතිය
May 26, 2026 02:41 pm
දේශීය බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමේ අරමුණින් “සුරකිමු ලංකා” නමින් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පොසිල ඉන්ධන මත මෙරට බලශක්ති සැපයුම වැඩි වශයෙන් රඳා පැවතීම, වියළි කාලගුණික තත්ත්වයන්, භූ දේශපාලනික අස්ථාවරතා හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිවන බාධා සහ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල උච්ඡාවචනය වැනි කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවයට දැඩි අභියෝග එල්ල වී ඇති බව රජය පෙන්වා දෙයි.
එමෙන්ම ඉහළ යන ඉන්ධන ආනයන වියදම ජාතික ආර්ථිකයට අතිරේක පීඩනයක් එල්ල කරන අතර, විදුලි පාරිභෝගිකයන්ගේ අක්‍රමවත් විදුලි පරිභෝජන රටාව ද එය තවදුරටත් තීව්‍ර කර ඇති බව හඳුනාගෙන ඇත.
ඒ අනුව, වැඩි පුනර්ජනනීය බලශක්ති ජනනයක් පවතින කාලවලදී විදුලි පරිභෝජනය ඒ සඳහා යොමු කිරීම සහ බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මහජනතාවගේ චර්යාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය බව රජය අවධාරණය කරයි.
මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලය,බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ප්‍රමුඛ කොටගත් සියලු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය හා මහජනතාව ඇතුළු රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පෞද්ගලික අංශය සහ මහජනතාව එක්ව “සුරකිමු ලංකා” බලශක්ති සුරක්ෂිතතා ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඊට අදාළ යෝජනාව බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
