තායිලන්තයේත් දුම්රිය අනතුරක් - 8ක් මරුට
May 16, 2026 04:47 pm
තායිලන්තයේ බැංකොක් නුවරදී සිදුවූ දුම්රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 25දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම දුම්රිය අනතුර හේතුවෙන් ගිනි ගැනීමක් සිදුව ඇති අතර ඉන් බස් රථයක් සහ ඒ අසල තිබූ වාහන කිහිපයක් ගිනි ගැනීමට ලක්ව ඇත.
කෙසේ වෙතත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
