ඉන්ධන පිරිමහන්න අගමැති මෝදිගෙන් නව වැඩපිළිවෙලක්
May 13, 2026 05:32 pm
ඉන්ධන නාස්තිය අවම කිරීමේ පියවරක් ලෙස පරිවාර ආරක්ෂක රථ සංඛ්‍යාව අඩු කිරීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය කාර්යාලයට උපදෙස් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ වෙනුවට විදුලි මෝටර් රථ භාවිතා කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව සඳහන් වෙයි.
මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන මිල සීඝ්‍ර ලෙසින් ඉහළ යාම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත රජයන්හි දේශපාලන නියෝජිතයන් සහ රජයේ නිලධාරීන් ද තම රථ වාහන භාවිතය සීමාකර ඇති බව වාර්තාහි සඳහන් වෙයි.
