අධිවේගයේ ගමන් කරන රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
May 13, 2026 10:04 am
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.
කාලගුණය අයහපත් වීම හේතුවෙන් දහවල් කාලයේද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් රියදුරන්ට දැනුම් දෙයි.
විශේෂයෙන් පැයට කිලෝමීටර් 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් හා අධික වේගයෙන් ධාවනය කරන විට එකවරම තිරිංග යෙදීම අනතුරුදායක බවත් එම අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.
