තමිල්නාඩු නව මහ ඇමති විජේට සජිත්ගෙන් සුබ පැතුම්
May 11, 2026 09:52 am
තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දුන් සී. ජෝසප් විජේ හට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක් කර තිබේ.
X සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ තමිල්නාඩුව වෙනුවෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කරන බවය.
කෝපය සහ පැරණි තුවාල මත පමණක් ගොඩනැඟුණු සමාජ අවසානයේ හුදකලා වන බවත්, සාධාරණත්වය සහ සහජීවනය මත ගොඩනැඟුණු සමාජ මිනිසුන් සැබෑ ලෙසම අපේක්ෂා කරන අනාගතයක් නිර්මාණය කරන බවත් ඉතිහාසය විසින් පෙන්වා දී ඇති බවද එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.
ලෝකය තුළ මේ වනවිට විශාල වශයෙන් බෙදීම් පවතින බවත් භාෂාව, ආගම හෝ අනන්‍යතාවය කුමක් වුවත්, කලාපය පුරා සිටින මිනිසුන් සැබවින්ම අපේක්ෂා කරන්නේ සමාජ ප්‍රගමනය, සාධාරණත්වය සහ ස්ථාවරත්වය වන බවද එම සටහනෙහි ඇතුළත්.
එමෙන්ම මෙම නව පරිච්ඡේදය, ප්‍රගතිය සහකම්පනය මෙන්ම අන් අය දුරස්ථභාවය ඇති කළ තැන්වල අවබෝධය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රඥාව රැගෙන එනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.
