වැස්ස අස්සේ අනුනවයෙන් බේරුණු ජීවිත
May 10, 2026 12:24 pm
අධික වර්ෂාව හේතුවෙන් මඩකළපුව සිට බිඛිල හරහා හැටන් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ඉදරියට පස්සර ප්රදේශයේදී ගසක් කඩා වැටී තිබේ.
ඊයේ (09) රාත්රී 10.45ට පමණ සිදුවූ අනතුරින් මගීන් කිසිවෙකුටත් හානියක් සිදු නොවු බව වාර්තා වෙයි.
විශාල ගසක් මෙලෙස මුලින් ඉදිරී කඩාවැටී ඇති අතර රියදුර වහාම බස් රථය නතර කර ගැනීමට සමත් වූ නිසා අනතුරක් සිදුවීම වළක්වා ගැනීමට හැකි වී ඇත.
මේ අතර, බසයේ ගමන් ගත් මගින් කඩිනමින් ගස කපා ඉවත් කර ඇති අතර පැය භාගයක් වැනි කාලයකින් බස් රථය යළි ගමන් කළ හැකි විය.
