සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව වැඩි අවධානයෙන් 
සයුරෙන් එතෙර

සාගර කලාපයේ ආරක්ෂාව ගැන ඉන්දියාව වැඩි අවධානයෙන් 

May 8, 2026   04:13 pm

ඉන්දියාව විසින් කෙටිදුර නෞකා නාශක මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු නාවික හමුදාව, එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය විසින් ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක ප්‍රදේශයේදී මෙම අත්හදා බැලීම සිදුකර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ හෙලිකොප්ටර් යානයක සිට මෙම කෙටිදුර මිසයිල (NASM-SR) අත්හදාබැලීම දියත් කිරීම සාර්ථකව සිදුකළ බවය.

මෙය ඉන්දියාවේ සාගර ආරක්ෂක හැකියාවන්හි සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවලට අනුව, මෙම මිසයිලය කිලෝමීටර 1,500 කට වඩා වැඩි ප්‍රහාරක පරාසයකින් සමන්විත වන අතර, එමඟින් ඉන්දියාවේ මෙහෙයුම් බලය ගැඹුරු සාගර කලාප දක්වා සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙනු ඇත.