ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

May 1, 2026   02:04 pm

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (01) මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු - මැද පළාත්වල සහ වව්නියාව, මුලතිව්, කිලි නොච්චි, මන්නාරම, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 1.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.