විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද සිට
April 28, 2026 09:06 am
2025 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත 2025/26 අධ්‍යයන වර්ෂයට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාරගැනීම අද (28) සිට මැයි 19 දක්වා සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබේ.
මාර්තු 31 වනදා රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ අතර මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් විය.
මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 30,000කට අධික සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වී ඇත.
මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි.
පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.
