අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්

අවුරුදු 13ක් වයසැති පිරිමි දරුවෙකු අතුරුදන්

April 23, 2026   01:18 pm

වයස අවුරුදු 13ක් වන ගම්පහ - පහළ ඉඹුල්ගොඩ පදිංචි සිතුල නිම්සත් නැමැති දරුවා ඊයේ (22) දිනයේ සිට අතුරුදන්ව ඇති බව ඥාතීන් පවසයි.

ඔහු පිළිබඳ තොරතුරක් ඇත්නම් 077 555 4959 හෝ 077 555 4979 යන දුරකතන අංකවලට දැනුම්දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටියි. 

ඔහු අවසන්වරට නිල් පැහැති ශ්‍රී ලංකා ක්‍රිකට් ටී-ෂර්ටයක් සහ ක්‍රීම් පැහැති කොට කලිසමක් සැරසී සිට තිබේ.