සාම සාකච්ඡා ගැන ඉරානයේ මතය
සයුරෙන් එතෙර

සාම සාකච්ඡා ගැන ඉරානයේ මතය

April 22, 2026   11:26 am

බටහිර ආසියාවේ පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම නැවැත්වීම අරමුණු කරගනිමින් එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන දෙවන වටයේ සාම සාකච්ඡා සඳහා කිසිදු දූත පිරිසක් ඉස්ලාමාබාද් නුවර බලා ගොස් නොමැති බව ඉරානය පවසයි.

මෙය සාම ප්‍රයත්නයන්හි මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීමට පාකිස්තානය තුළ පැවති රාජ්‍යතාන්ත්‍රික අභිලාෂයන්ටද බලපෑම් එල්ලවීමකි.

ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන IRNA පුවත් සේවය රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ, මෑතකාලීන වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඉරානයෙන් කිසිදු දූත පිරිසක් "මේ දක්වා" ඉස්ලාමාබාද් වෙත පිටත් කර හැර නොමැති බවය.

ඉස්ලාමාබාද් සාකච්ඡා සඳහා ඉරානයේ මැදිහත්වීම සම්බන්ධයෙන් නිල හෝ නිල නොවන කිසිදු තොරතුරක් පවා ලැබී නොමැති බව එම මූලාශ්‍රය වැඩිදුරටත් පැහැදිලි කරයි.