විදුලි සැර වැදී පුද්ගලයෙකු මරුට
April 6, 2026 09:32 am
දඹුල්ල, වෑවලවැව ප්‍රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ වෑවල වැව, දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
පුද්ගලයෙකු විසින් ඔහුගේ වගා භූමිය සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවසරයෙන් යොදන ලද විදුලි රැහැනක ගැටී, විදුලි සැර වැදීමෙන් මෙම පුද්ගලයා මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
විදුලි රැහැන් අදින ලද අවුරුදු 56ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
