අණ නොකතා ධාවනය කළ මෝටර් රථයට පොලීසියෙන් වෙඩි
March 30, 2026 05:30 pm
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් මීගමුව ප්‍රදේශයේදී අද (30) පස්වරුවේ මෝටර් රථයකට වෙඩිතැබීමක් සිදුකර තිබේ.
ඒ එම රථය පරීක්ෂාව සඳහා නැවැත්වීමට සංඥාකිරීමේදී එය නොනවත්වා ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්ය.
වෙඩිතැබීමත් සමග මෝටර් රථය අනතුරට ලක්ව ඇති අතර සිද්ධියේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු ද තුවාල ලබා තිබේ.
අනතුරුව මෝටර් රථයේ සිටි දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500කට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
