පිරිපහදු කළ ඉන්ධන මෙරටට ලබාදීමට රුසියාවේ එකඟතාව
March 26, 2026 05:23 pm
ශ්‍රී ලංකාවට පිරිපහදු කළ ඉන්ධන ලබාදීමට රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරට සංචාරයක නිරත දූත පිරිස අද (26) එකඟතාව පළකර තිබේ.
ඒ, අමාත්‍ය කුමාර ජයකොඩි, අනිල් ජයන්ත සහ ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීය.
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමුවීමට රජය තීරණය කළ අතර, ඒ අනුව ඛනිජ තෙල් සැපයුම පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා එම දූත පිරිස අද (26) පෙරවරුවේ මෙරටට පැමිණියහ.
