ඉරාන යුද්ධය ජයගත් බව අමෙරිකානු ජනපති ප්‍රකාශ කරයි

ඉරාන යුද්ධය ජයගත් බව අමෙරිකානු ජනපති ප්‍රකාශ කරයි

March 25, 2026   09:10 am

ඉරාන යුද්ධය තමන් ජයග්‍රහණය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරයි.

ඒ ඉරානය සමඟ සිදුකරන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස තම රටට ඉන්ධන සහ හෝමුස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ අපූරු ත්‍යාගයක් ද හිමිවූ බව පවසමිනි.

"අපි මේ යුද්ධය දිනුවා. දිනලා ඉවරයි. මේ යුද්ධෙ තාම පවත්වාගෙන යන්නේ බොරු පුවත්. ඔවුන්ට ගුවන් හමුදාවක් නැහැ. මුකුත් නැහැ. අපේ ගුවන් යානා නිදහසේ ටෙහෙරානයට ඉහළින් පියාසර කරනවා' ඔවුන්ට කිසිවක් කරන්න බැහැ කවුරු එක්ක කතා කරන්න ද කියලා කවුරුත් දන්නේ නැහැ. නමුත් අපි කතා කරන්නේ හරිම කෙනාට ඔවුන්ට අවශ්‍ය එකඟතාවකට එන්න දැන් ඉන්නේ අලුත් කණ්ඩායමක්. මෙය රෙජීම වෙනසක්. මොකද නායකයින් හරි වෙනස්. කටාර් රාජ්‍යය අපූරුයි. ඔවුන්ට බරපතළ පහරක් වැදුණා. නමුත් ඔවුන් ශක්තිමත් කුවේට් රාජ්‍යයට වරදක් වුණා. ඔවුන් අපේ මිසයිලවලින්ම අපේ යානා තුනක් බිම හෙලුවා.

මාධ්‍යවේදියා - මේ සාකච්ඡා මෙහෙයවන්නේ උප ජනාධිපතිවරයා බවට වාර්තා පළවෙනවා.

ට්‍රම්ප් - JD සහභාගිවනවා. මාර්කෝ එක්වනවා. ජෙරාල්ඩ් කුෂ්නර් සහ විට්කොෆ් එක්වනවා. මමත් එකතු වෙනවා.

මාධ්‍යවේදියා - ඔවුන්ව විශ්වාස කරන්නේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් - අමෙරිකානු ජනාධිපති මම කිසිවෙක් විශ්වාස කරන්නේ නැහැ. ඔබව විශ්වාසත් නැහැ. ඒ මම ඔබව දන්න නිසා නැත්නම් මම ඔබව විශ්වාස කරන්නත් තිබුණා ඔවුන් ඊයේ අපූරු දෙයක් කළා. අපිට තෑග්ගක් දුන්නා. ඒ තෑග්ග අද ලැබුණා
ඒක ගොඩාක් වටින ලොකු තෑග්ගක් ඒ තෑග්ග මොකක්ද කියලා කියන්නේ නැහැ. අපි සාකච්ඡා කරන්නේ නම් හරි මිනිස්සු එකක් න්‍යෂ්ටික බලය ගැන නෙ‍වෙයි. ඒ ඉන්ධන සහ ගෑස් සම්බන්ධව සහ (හෝමුස්) සමුද්‍ර සන්ධිය පිළිබඳව"