ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් - නවතම යාවත්කාලීන කිරීම් මෙතැනින්
March 25, 2026 06:29 am
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (25) දින 26ක් ගතවී ඇත.
----------------
Update - 07.58AM
ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හමුවේ දකුණුදිග සිඩෝන්හි පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
----------------
Update - 06.53
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
----------------
Update - 06.38
අමෙරිකාව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් ඉරානයට කරුණු 15ක සැලැස්මක් භාර දී ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති බව විදෙස් වාර්තා පවසයි.
අදාළ සැලැස්ම තුළ න්‍යෂ්ටික වැඩසටහනේ දැඩි සීමාවන් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළත් වන බව ද සඳහන්ය.
----------------
Update - 06.33
ඉරාන යුද්ධය අමෙරිකාව ජයගෙන ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ව්‍යාජ ප්‍රවෘත්ති විසින් යුද්ධය තවදුරත් පවත්වාගෙන යන බව ද ඔහු අවධාරණය කරයි.
