රටම එකට ජාතික මෙහෙයුමේ ගතවු දිනයේ දී අත්අඩංගුවට ගත් පිරිස 903ක්
March 22, 2026 03:31 pm
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් ආරම්භ කර ඇති ‘‘රටම එකට‘‘ ජාතික මෙහෙයුම යටතේ ගතවු දිනයේ සිදුකළ වැටලීම් වලින් පුද්ගලයින් 903 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම වැටලීමේ දී හෙරොයින් ග්‍රෑම් 409 සහ අයිස් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 28ක් ඇතුළු විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය සොයා ගත් බව පොලීසිය පවසයි.
එම මෙහෙයුමේදී පුද්ගලයින් 14දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු පුනුරුත්තාපනය සඳහා යොමු කර ඇති බව සඳහන් වේ.
මේ අතර පොලීසිය විසින් දිවයිනම ආවරණය වන ලෙස ක්‍රියාත්මක කරන විශේෂ මෙහෙයුම මගින් ගතවු දිනයේදී පුද්ගලයින් 531 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදි අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 20 දෙනෙකු සහ වරෙන්තුකරුවන් 246 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම මෙහෙයුමේදී බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 213 දෙනෙකු සහ අපරික්ෂාකාරීව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 72 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
