වීරවිල මාරක බස් අනතුරක් - 4කට දිවි අහිමි වෙයි
March 18, 2026 12:33 pm
අම්බලන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ දී මාරක බස් අනතුරක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති අතර 40ක් තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.
තුවාලකරුවන් මේ වනවිට රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටී.
කොළඹ - කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
