මධ්‍යධරණී මුහුදේ රුසියානු නෞකාවක් පුපුරායාමේ අවදානමක
March 18, 2026 10:53 am
රුසියාවට අයත් Arctic Metagaz නම් දැවැන්ත ගෑස් ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී මුහුදේ පුපුරායාමේ අවදානමක පවතින බව ඉතාලි රජය පවසා තිබේ.
මෙහි ඇති බරපතල තත්ත්වය නිසා විශාල පාරිසරික විනාශයක් සිදුවිය හැකි බව බලධාරීන් පවසා ඇත.
මෙම නෞකාව මීට සති දෙකකට පෙර මුහුදු ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති අතර, එහි පැත්තක විශාල සිදුරක් හෑරී දැඩි ලෙස හානි වී ඇත.
මෙම ප්‍රහාරය යුක්රේනය විසින් එල්ල කරන්නට ඇතැයි සැක කෙරෙන බව සඳහන් වෙයි.
නෞකාවේ කාර්ය මණ්ඩලය කිසිවෙකුත් නොමැති බවද සඳහන් වෙයි.
