උදරයේ ආබාධයක් නිසා රෝහල්ගත කළ පුද්ගලයා මියයයි
March 16, 2026 09:49 am
උදරයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියයාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වූ හාවාඑළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කෙසේවෙතත් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා පසුගිය 14වනදා පුද්ගලයෙකුගේ පහරකෑමකට ලක්වී ඇති බවය.
පහරදුන් පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලීසිය පැවසීය.
මෙය මනුෂ්‍ය ඝාතනයක්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කරගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකය.
