QR කේත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට
March 15, 2026 01:31 pm
ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR පද්ධතිය යථාතත්ත්වය පත්වීම සහ, ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය මේ වනවිට සම්පූර්ණයෙන් යථාතත්ත්වය පත්කර ඇති අතර එය දැනට ක්‍රියාකාරී මට්ටමේ පවතින බවය.
QR කේතය මගින් ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලියේදී රථවාහන හිමිකරුවන් අනුගමන කළ යුතු පියවර 03ක් පිළිබඳ දැනුම්දී ඇත.
ඒ අනුව තමන් අයත්වන කාණ්ඩය හඳුනාගෙන ඊට අදාළව QR කේතය භාවිතයෙන් ඉන්ධන ලබාගන්නා ලෙස බලධාරීන් ජනතාවට දැනුම්දෙයි.
එහිදී දැනටමත් QR කේතයක් හිමි, තම වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කළ දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් සිදුනොවූ වාහන හිමිකරුවන්ට තමන් සතු එම පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකිය.
මීට පෙර ලියාපදිංචි වී ඇති නමුත් තම QR කේතය අස්ථානගතවී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවන අතර පද්ධතියට ලොග් වී ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය මගින් නැවතත් QR කේතය ලබාගත හැකි බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය දැනුම් දෙයි.
මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, තම වාහනය අලුත් මිලදී ගත් පුද්ගලයන් හෝ මීට පෙර ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියේ අලුතින් ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැන නැගෙන ඕනෑම ගැටලුවක් හෝ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි බව රජය දැනුම් වැඩිදුටරත් දැනුම්දෙයි.
