ඉන්දීය නෞකා දෙකකට හෝමූස් පසු කිරීමට අවසර
සයුරෙන් එතෙර

ඉන්දීය නෞකා දෙකකට හෝමූස් පසු කිරීමට අවසර

March 14, 2026   01:49 pm

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාවේ ලියාපදිංචි ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායුව ප්‍රවාහනය කරන නෞකා දෙකකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට ඉරානය අවසරදී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙලෙස ගමන් කිරීමට අවසර ලැබී ඇත්තේ Shivalik සහ Nanda Devi යන නෞකා දෙකට බවය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය සමග පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානය මෙම මුහුදු මාර්ගය  අවහිර කර ඇති පසුබිමක, ඉන්දියාවට මෙම අවසරය ලබාදීම විශේෂත්වයකි.

මින් එක් නෞකාවක් ඉන්දීය නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ එම ප්‍රදේශය පසු කළ බවද පැවසෙයි.

ඉන්දියාව සහ ඉරානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉරාන ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡා මෙම තීරණයට බලපා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.